Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்
සිංහල (Sinhala)தமிழ் (Tamil)English

Homeඅපගේ සේවාවන්අංශවල කාර්යයන්

අමාත්‍යාංශයෙහි අංශවල කාර්යයන්

Sectional Servicesපාලන අංශය

  • බදවා ගැනීම
  • උසස්වීම් ලබාදීම
  • පත්වීම් ස්ථීර කිරීම
  • සේවා දීර්ඝ කිරීම
  • මුදා හැරීම
  • විශ්‍රාම ගැන්වීම
  • විදේශ ශිෂ්‍යත්ව ලබාදීම
  • අමාත්‍යාංශය හා ඊට අයත් දෙපාර්තමේන්තු හා ආයතනවල විනය කටයුතු
  • නඩු සම්බන්ධව පෙනී සිටීම
  • මානව සම්පත් සංවර්ධනය සම්බන්ධ කටයුතු
  • අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල සියලුම ආයතන කටයුතු
  • ආයතනික හා පරිපාලන කටයුතු සම්බන්ධීකරණය

සැලසුම් අංශය

  • අමාත්‍යාංශයට  අයත් දෙපාර්තමේන්තු, මණ්ඩල හා කොමිෂන් සභාවන්හි සංවර්ධන සැලසුම් මුදල් කොමිෂන් සභාවේ හා ප්‍රතිපාදන ලබා දෙන ආයතනයන්හි මාර්ගෝපදේශනයන්ට අනුව සකස් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම, අනුමැතිය ලබාදීමට කටයුතු කිරීම හා ක්‍රියාත්මක වන අතරතුර වැඩසටහන්වල සංශෝධනය සදහා අනුමැතිය ලබාදීමට කටයුතු කිරීම.
  • ඒක් එක් දෙපාර්තමේන්තුවල හා අනෙකුත් ආයතනවල ක්‍රියාත්මක සංවර්ධන සැලැස්ම අධීක්ෂණය මෙහෙයවීම හා පසුවිපරම.
  • සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගති පාලන කටයුතු කිරීම.
  • වාර්ෂික සංවර්ධන සැලැස්මෙන් නිම කරන ලද ව්‍යාපෘති විධිමත් මහජන සේවාවක් උදෙසා ජනතා අයිතියට පත් කිරීමේදී කටයුතු සැලසුම් කිරීම.
  • දේශීය හා විදේශීය රාජ්‍ය නොවන ආයතන හා එක්ව මධ්‍යම පළාතේ අදළ ක්ෂේත්‍රයන්හී සංවර්ධනය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාගැනීම.
  • අමාත්‍යාංශයේ ඵලදායිතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ආයතනවල ක්‍රියාත්මක කිරීමට සහය වීම හා අධීක්ෂණය.
  • නැණෝදා වැඩසටහන ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය හා පසුවිපරම.
  • අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හී කටයුතු මෙහෙයෙවීම, අධික්ෂණය හා පසු විපරම.
  • ප්‍රජා ජල සම්පාදන ව්‍යාපාතිය ක්‍රියාත්මක කිරීම, මෙහෙයෙවීම, අධික්ෂණය හා පසු විපරම.
  • පූර්ව ළමාවිය සංවර්ධන ඒකකය පිහිටුවීම හා ක්‍රියාත්මක කිරීම, මෙහෙයෙවීම, අධික්ෂණය හා පසු විපරම.

ගිණුම් අංශය

  • වාර්ෂික අයවැය ලේඛණය මගින් අමාත්‍යාංශයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන විධිමත් පරිදි දෙපාර්තමේන්තු මණ්ඩල හා අනෙකුත් ආයතන අතර බෙදා දීම.

  • ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් පිළිබදව කටයුතු කිරීම.

  • ගෙවීම් කටයුතු.

  • ප්‍රසම්පාදන කටයුතු.

  • ගිණුම් කාරක සභාවලට අදාළ වාර්තා සැකසීම හා කරුණු ඉදිරිපත් කිරීම.

  • විගණන වාර්තාවලට පිළිතුරු සැපයීම.

  • වාර්තා සකස් කිරීම.

  • ගබඩාකරණය 


Educational Servicesඅධ්‍යාපන අංශය

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ වූ ගුරු සේවය/ විදුහල්පති සේවය/අධ්‍යාපන පරිපාලන සේවය හා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අදාළ වූ කාර්යන් ඉටු කිරීම.

ශ්‍රී ලංකා ගුරු සේවය

  • ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ගුරුවරුන් ලෙස බදවා ගැනීම.
  • ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය.
  • උසස්වීම් ක්‍රියාවලියේදී කලාප කාර්යාල මට්ටමින් සිදුවන කාර්යයන් අධීක්ෂණය හා මග පෙන්වීම.
  • ජාතික හා අන්තර් පළාත් පාසල් සදහා වූ ගුරු මාරුවීම් රාජකාරී.
  • සේවයේ සිටියදී උපාධිය ලැබූවන් සදහා උපාධි පත්වීම් ලබාදීම.
  • සේවයේ යෙදී සිටියදී ගුරු පුහුණු ලැබූවන්ට පත්වීම් ලබාදීම.
  • අභ්‍යාසලාභී ගුරු භවතුන්ට ස්ථීර පත්වීම් ලිපි ලබාදීම. ගුරු භවතුන්ගේ අධ්‍යාපන නිවාඩු, විෂය නිවාඩු, නැවත සේවයේ පිහිටුවීම,  විනය කටයුතු.

ශ්‍රී ලංකා විදුහල්පති සේවය හා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය

  • ශ්‍රී ලංකා විදුහල්පති සේවය/ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු වලට ස්ථානගත කිරීම
  • සේවා දීර්ඝ කිරීම, පත්වීම් ස්ථීර කිරීම, විශ්‍රාම ගැන්වීම හා නිර්දේශකර රේඛීය අමාත්‍යාංශයට යොමු කිරීම
  • විනය කටයුතු

මධ්‍යම පළාත් පාසැල් අනධ්‍යන කාර්ය මණ්ඩලය

  • පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩලයට බදවා ගැනීමේ රාජකාරී.
  • ස්ථාන මාරු කිරීම,  පත්වීම් ස්ථීර කිරීම, උසස් කිරීම,කාර්යක්ෂමතා කඩයිමි විභාග  රාජකාරී
  • විශ්‍රාම ගැන්වීම්.
  • විනය කටයුතු

අභ්‍යන්තර විගණන අංශය

ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ඇති සියලුම දෙපාර්තමේන්තු හා ආයතන මූල්‍ය හා පරිපාලන නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන බවට නිසැක වීම සදහා සෝදිසි පරීක්ෂා කිරීම තුළින් පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීම.

අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පවතින සියලුම දෙපාර්තමේන්තු, කලාප අධ්‍යාපන කාර්යාල හා පාසල්වලට පවරා ඇති කාර්යයන් පිළිබදව පවත්නා අභ්‍යන්තර පාලන ක්‍රමය පිළිබදව ඒ පිළිබදව වැරදි හා වංචා වැළැක්වීම සහ ආවරණය කර ගැනීමට භාවිතා කරනු ලබන අභ්‍යන්තර සෝදිසියෙහි විධිමත් බව හෝ ප්‍රමාණවත් බව පිළිබදව අඛණ්ඩ සමීක්ෂණයක්  හා ස්වාධීන ඇගයීමක් පවත්වාගෙන යාම.

කාර්යයන්

  • ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ඇති සියලුම දෙපාර්තමේන්තු හා ආයතන විගණනය කිරීම.

  • හදිසි  සෝදිසි පරීක්ෂණය පැවැත්වීම.

  • විශේෂ විමර්ෂණ පැවැත්වීම.

  • විශ්‍රාම යන නිලධාරීන්ගේ හිමිකම් නොපෑමේ සහතික නිකුත් කිරීම.

  • මාණ්ඩලික නිලධාරීන් විශ්‍රාම ගැනීමේදී විනය කටයුතු හා  විගණන විමසුම් තිබේද යන්න වාර්තා කිරීම

    .

පිවිසෙන්නපූර්ව ළමාවිය සංවර්ධන ඒකකය

දැක්ම

"පාසල් අධ්‍යාපනය සදහා පූර්ව දැනුමෙන් හා නිපුණතාවයෙන් පිරිපුන් දරුවකු බිහි කිරීම"

මෙහෙවර

මුල් ළමාවිය අවධියේ පසුවන දරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමත්, කායික හා මානසික වශයෙන් දරුවා ශක්තිමත් කිරිමත්, ඒ සදහා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පිළිගත් ප්‍රමිතීන් යටතේ පවත්වාගෙන යාම සදහා වන ක්‍රමවේදයන්, ප්‍රඥප්ති සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම මෙම අංශයේ කාර්ය භාරය වේ.

මෙම ඒකකයේ ප්‍රධාන අරමුණු වන්නේ,

  1. පළාතේ මුල් ළමාවිය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරිම
  2. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම, කළමනාකරණය හා අධීක්ෂණය කිරීම
  3. මුල් ළමාවිය අවධියේ පසුවන ළමුන්ගේ කායික, මානසික ඇතුළු සමස්ථ සංවර්ධනයට හිතකර පරිසරයක් ඇති කිරීම.
  4. මුල් ළමාවිය අවධියේ පසු වන ළමුන්ගේ අයිතීන් සුරක්ෂිත කර නිසි රැකවරණයක් ලබා දීම.
  5. පූර්ව ළමාවිය අවධිය සංවර්ධනය කිරිම සදහා අවශ්‍ය විය හැකි යැයි හැගෙන වෙනත් පියවරයන් ගැනිම.


 


water projectප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ඒකකය

දැක්ම

මධ්‍යම පළාතේ ග්‍රාමීය හා වතු අංශයේ ප්‍රජාවට ආරක්ෂිත පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබා දීම මගින් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම

මෙහෙවර

ජල සම්පාදනය, සනීපාරක්ෂාව, ස්වස්ථතා අධ්‍යාපනය, ධාරිතා සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය ස‍දහා වන ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ එවැනි ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම හා මග පෙන්වීම තුළින් ග්‍රාමීය හා වතු ප්‍රජාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සහ යහපාලනය සහතික කරමින් සහභාගිත්ව සංවර්ධන ප්‍රෙවේශය මගින් අභිමානවත් සහ සමෘද්ධිමත් ප්‍රජාවක් ගොඩනැංවීම.

කාර්යයන්

  1. මධ්‍යම පළාත තුළ පානීය ජල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් ලබා දීම වෙනුවෙන් පිහිටුවාගත් ප්‍රජා මූල සංවිධාන ලියාපදිංචි කිරීම, අධීක්ෂණය හා නියාමනය කිරීම, අවශ්‍ය උපදෙස් ලබා දීම, ප්‍රජා මූල සංවිධාන පරිපාලනය සදහා අවශ්‍ය නීති රෙගුලාසි හා චක්‍රෙල්ඛ නිකුත් කිරීම, ප්‍රතිසංවිධානය, විසුරුවා හැරීම හා විගණනය කිරීම.
  2. ප්‍රජාමූල සංවිධාන ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට සහය වීම.
  3. මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක ජ්‍රජා ජල හා සනීපාරක්ෂක ව්‍යපෘති වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය මග පෙන්වීම් හා ආධාර ලබා දීම.
  4. ප්‍රජා මූල සංවිධානවල ධාරිතා සංවර්ධනය සදහා  සහායවීම හා නිලධාරී මණඩලය කමිටු සාමාජිකයින් සේවකයින් හා ප්‍රජාව පුහුණු කිරීම.
  5. සහායක ආයතනයන්ගේ කාර්යභාරය හදුන්වාදීම හා එම ආයතනයන් සමග අවශ්‍යතාවය පරිදි ගිවිසුම්වලට එළඹීම, කාර්ය මණ්ඩලය සදහා පුහුණුවීම් ලබා දීම.
  6. ප්‍රජා මූල සංවිධාන විසින් පවත්වාගෙන යා යුතුයැයි නියම කරනු ලබන පොත් පත්, ලිපි ලේඛන හා ආකෘති පත්‍ර හදුන්වාදීම හා ඒවා භාවිතා කිරීමට සැලැස්වීම.
  7. ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක කාර්යයන් ඉටු කිරීමට අදාල ව්‍යපෘති සදහා බාහිර පාර්ශවයන් සමග ගිවිසුම්වලට එළඹීම සහ සම්බන්ධීකරණයන් පවත්වාගෙන යාම.
  8. මධ්‍යම පළාත් තුළ හදුනාගත් ග්‍රාම නිලධාරී වසම් සදහා ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා ව්‍යාපෘතියට අදාලව ප්‍රජා මූල සංවිධාන පිහිටුවීම.
  9. ප්‍රජා මූල සංවිධාන ගමේ සංවර්ධනයේ කෙන්ද්‍රස්ථානය බවට පත් කරලීම.

සමූපකාර සංවර්ධනය

cooperative Development and cooperative employee commission සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමූපකාර සේවක කොමිෂන් සභාව, ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Department of Education අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ

ඉඩම් දෙපාර්තමේන්තුව

housing_construction services මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

අප වෙත පැමිණෙන්න

Reach us පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ
කුණ්ඩසාලේ, 20168
ශ්‍රී ලංකාව

Go to top