Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்
සිංහල (Sinhala)தமிழ் (Tamil)English

Homeඅපගේ සේවාවන්දෙපාර්තමේන්තු හා ආයතනවල සේවාවන්

අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හා ආයතනවල සේවාවන්

Powerපළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

දැක්ම

"නැණ ගුණ සපිරි නිපුණතා පූර්ණ අනාගත පරපුරක්"

මෙහෙවර

"සිසු   පරපුර උදෙසා ඉහළ ගුණාත්මක තත්වයෙන් යුතු සම හා සාධාරණ අධ්‍යාපන අවස්ථා සලසා දීම පිණිස  මැදරට පාසල් අධ්‍යාපන පද්ධතිය සවිබල ගැන්වීම"

කාර්යයන්

  1. අනිවාර්ය අධ්‍යාපන අවධියේ පසුවන සිසුන් සදහා ඉගෙනුම් අවස්ථා සැපයීම
  2. සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියක් සදහා යෝග්‍ය ආකාරයේ පංති කාමර සම්පාදනය
  3. සිසු කායික, මානසික යහපැවැත්ම සංවර්ධනය
  4. සුබසාධනය සහ උපදේශනය ඔස්සේ ශිෂ්‍ය ප්‍රජාව සංවර්ධනය
  5. කාර්යක්ෂම ඉගෙනුම්, ඉගැන්වීම්, ක්‍රියාවලියක් සදහා ගුරු මාර්ගෝපදේශණය
  6. ප්‍රාථමික මට්ටමේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් වඩාත් නිර්මාණශීලී සිසුන් බිහිකිරීම සදහා ප්‍රමාණවත් ගුණාත්මක යෙදවුම් ලබා දීම.
  7. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ සිසුන්ගේ තාක්ෂණික හා භාෂා කුසලතා සංවර්ධනය කිරිම
  8. පළාත් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මානව හා භෞතික සම්පත් කාර්යක්ෂම සහ ඵලදායී ආකාරයෙන් යෙදවීම පිණිස කර්තව්‍යයන්, නියාමනය සහ පරිපාලනය.

මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප සහ පාසල්

දිස්ත්‍රික්කය කලාප සංඛ්‍යාව ජාතික පාසල් සංඛ්‍යාව පළාත් පාසල් සංඛ්‍යාව
මහනුවර 06 35 619
මාතලේ 04 12 311
නුවරඑළිය 05 07 543
මධ්‍යම පළාත 15 54 1473


ඇමතුම් තොරතුරු

Phone: +94 812 225134
Fax: +94 812 225134
Email: यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

 


පළාත් පාලන දෙපාර්තමේන්තුව

දැක්ම

යහපාලනයෙන් විශිෂ්ටත්වයට පත්වූ දිවයිනේ සාර්ථකම පළාත් පාලන පද්ධතිය මැදරටින්

මෙහෙවර

මැදරට ප්‍රජාවගේ සුභ සිද්ධිය සදහා පළාත් පාලන ආයතනවලට පැවරී ඇති කාර්ය හා කර්තව්‍ය කාර්යක්ෂමව හා ඵලදායිව ඉටු කිරීමට හැකිවන පරිදි මිත්‍රශීලී මගපෙන්වීම, පහසුකම් සලස්වා දීම තුළින් යහපාලනයෙන් යුතු සාර්ථක පළාත් පාලන පද්ධතියක් පළාත තුළ ස්ථාපිත කිරීම.

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන

දිස්ත්‍රික්කය ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා
මහනුවර 11 0 02
මාතලේ 17 04 01
නුවරඑළිය 05 02 01
මධ්‍යම පළාත 33 06 03

කාර්යයන්

  1. මධ්‍යම පළාතේ සියලුම පළාත් පාලන ආයතන ස්වකීය ආයතනික අරමුණු පිළිබදව නිරවුල් අවබෝධයකින් යුක්තව තම අධිකාරී බලය තුළ නියමිත කාර්යයන් විධිමත්ව ඉටුකරලීම තහවුරු කිරීම.
  2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් සභාව වෙත පැවරී ඇති බලතල හා වගකීම් අතරින් පළාත් පාලනයට අදාල ඒවා පළාත තුළ ක්‍රියාවට නැංවීම.
  3. දෙපාර්තමේන්තුවට අදාල වන්නාවූ විවිධ පනත්, ආඥා පනත්, නීති රෙගුලාසි සහ චක්‍රෙල්ඛ, උපදෙස් වලට අනුකූලව බලතල ක්‍රියාත්මක කිරීම.
  4. සෑම පළාත් පාලන ආයතනයක් විසින්ම ස්වකීය කාර්යයන් ඉටු කිරිමේදී, එවාට පැවරී ඇති බල සීමාව නොයික්මවා  ක්‍රියාත්මක විම තහවුරු කිරීම.
  5. රජය සහ පළාත් සභාව විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයන් අනුව පළාත් පාලන අයාතන විසින් ස්වකීය කටයුතු ඉටු කරලීම සොයා බැලීමේ වගකීම දැරීම.
  6. පළාත් පාලන ආයතන වෙත අවශ්‍ය උපදෙස් සහ නිසි මාර්ගෝපදේශ ලබා දීම
  7. මූල්‍යාධාර (විශේෂයෙන් වැටුප් පුතිපූර්ණය කිරීම්) ලබා දිමට සහතික වීම.
  8. පළාත් පාලන ආයතනයන්හී පිරිස් කළමනාකරණයට අදාළ වන්නා වූ දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති කාර්යයන් කාර්යක්ෂමව ඉටු කරලීම.
  9. පළාත් පාලන අයාතනයන්හී උසස් මට්ටමේ කාර්යසාධනයක් පවත්වා ගැනීම පිණිස ඉවහල් වන්නාවූ අයාතනික සහ පිරිස්බල සංවර්ධනය තහවුරු කිරිම.
  10. පළාත් පාලන විෂය ක්ෂේත්‍රයට අයත්වන පර්යේෂණ පැවැත්වීම සහ පුහුණුව හා අධ්‍යාපනය ලබා දීම.

ඇමතුම් තොරතුරු

Phone: +94 812 202263
Fax: +94 812 202261
Email: यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

 


ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව

දැක්ම

“නිරවුල් රාජ්‍ය ඉඩම්වල තෘප්තිමත් ජන සමාජයක් මැදරටින්"

මෙහෙවර

"මධ්‍යම පළාත තුළ පිහිටි රජයේ ඉඩම් හා ඊට අනුබද්ධිත සම්පත්වල භාරකාරත්වය දරමින් ඒවා ජනතාවගේ අභිවෘද්ධිය පිණිස විවිධ පරිහරණවලට යෙදීමේදී ආර්ථික සාමාජීය හා පාරිසරික සාධක සමතුලිත කරන මනා කළමණාකාරීත්වයක් පවත්වාගෙන යාම"

පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේනතුව ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථයට ගැනෙන තවත් එක් ප්‍රධාන දෙපාර්තමේන්තුවක් වන අතර, එමගින් මධ්‍යම පළාත තුළ සියලුම රාජ්‍ය ඉඩම් පාලනය කෙරේ. ඵලදායී රාජ්‍ය ඉඩම් භාවිතය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරන ආර්ථික, සමාජීය සහ පාරිසරික සාධකයන් නියමාකාරයෙන් කළමනාකරණය කිරිමේ වගකීම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු වේ. දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන කාර්යයන් නිශ්චිත ක්‍රියාකාරකම් 5 ක් ඔස්සේ ගොනුගත කළ හැකිය.

කාර්යයන්

 

  1. ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව ජනාවාස යොජනා ක්‍රම සැලසුම් කිරිම, ක්‍රියාත්මක කිරිම හා බෙදා දුන් ඉඩම් සදහා දීමනාපත්‍ර නිකුත් කිරිමට පළාත් සභාවේ එකගත්වය ලබා දීම.
  2. පළාත් සභාවට අයත් රජයේ ඉඩම් පුද්ගලයින් හා ආගමික ස්ථාන, පොදු කටයුතු, විවිධ කාර්යයන් සදහා බැහැර කිරිමේ දී රජයේ පවත්නා පනත් අනුව කටයුතු කිරිමට පළාත් සභා එකගතාවය ලබා දීම.
    1. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ, ඉඩම් කච්චේරි  සදහා අනුමැතිය ලබා දීම, අවසාන ලැයිස්තුව අනුමත කිරීම.
    2. රජයේ ඉඩම් ආඥාපනත යටතේ ඉඩම් කච්චේරි  සදහා අනුමැතිය ලබා දීම, පදිංචිය සදහා  කාෂිකාර්මික, කර්මාන්ත සහ වාණිජ කටයුතු සදහා පළාත් පාලන අයාතන සහ රජයේ කටයුතු සදහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම, දිගුකාලීන බදු ක්‍රමය යටතේ ඉඩම් ලබා දීම, වාර්ෂික බලපත්‍ර පැවරීමේදී පළාත් සභා අනුමැතිය ලබා දීම.
    3. රජයේ දෙපාර්තමේන්තු , ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පළාත් පාලන අයාතන සදහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම, බදු දීම සහ පැවරීමට අදාළ ක්‍රියාවලී මෙහෙයවීම.
  3. ඉඩම් ප්‍රදාන (විශේෂ විධිවිධාන) පනත යටතේ ඉඩම් කච්චේරි පැවැත්වීමට අනුමැතිය ලබා දීම, බැහැර කිරීමට, පැවරීමට අනුමැතිය ලබා දීම.
  4. අන්තර් පළාත් ඉඩම් සංවර්ධන ව්‍යාපාති වලින් බැහැර පළාත් සභාව සතු රජයේ ඉඩම් පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය මාර්ගෝපදේශණ සහ උපදෙස් ලබාදීම.

ඇමතුම් තොරතුරු

Phone: +94 812 424463
Fax: +94 812 424463
Email: यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

 


සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

දැක්ම

“විශිෂ්ඨතම සමූපකාර සමාජයක් නිර්මාණය කිරීමට නායකත්වය ලබා දීම"

මෙහෙවර

මධ්‍යම පළාත තුළ සමූපකාර ප්‍රතිපත්තිය සහ සාරධර්මවලට අනුකූලව සමූපකාර ව්‍යවසාය සංවර්ධනය කිරීම සදහා ව්‍යවස්ථාපිත වගකීම් ඉටුකරමින් හා සමූපකාර සංවිධානවල යහපාලනයක් ස්ථාපිත කිරීම උදෙසා සම්පත්දායකයෙකු, උපදේශකයෙකු, සහායවන්නෙකු,  සම්බන්ධීකාරකයෙකු සහ මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් යහපාලිත  සමූපකාර සමිති පද්ධතියක් ස්ථාපිති කිරීම

සමුපකාර ව්‍යවසායකත්වය මධ්‍යම පළාත් සංවර්ධන අභිලාෂයන් වෙනුවෙන් තවදුරටත් දායකත්වය ලබා දීමේ ශක්‍යතාවයෙන් යුතු ක්ෂේත්‍රයක් වන අතර ඒ සදහා කටයුතු කිරීම සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. මධ්‍යම පළාතේ 1993 අංක 04 දරන (සංශෝධිත) ප්‍රඥප්තිය සංශෝධිත 1190 අංක 10 දරණ මධ්‍යම පළාත් සමූපකාර සමිති ප්‍රඥප්තිය, රීති හා ඒ යටතේ පැනවෙන අනු නීවල වගකිම් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් වඩාත්  වගකීමෙන් හා සමූපකාර මූලධර්ම අනුව කටයුතු කරමින් සමූපාකර සමිති වෙත අවශ්‍ය සහය ලබා දීමට දෙපාර්තමේන්තුව සූදානමින් බැදී සිටියි"

කාර්යයන්

  1. මෙහෙයවිමට අදාළ වන්නාවූ  සංශෝධන සහ නීති රෙගුලාසි කාලීනව සහ ක්‍රියාකාරීව යාවත්කාලීන කිරිම.
  2. සමූපකාර සමිති ලියාපදිංචිය.
  3. සමූපකාර සමිතිවල ව්‍යවස්ථාපිත විගණනයන් සිදු කිරීම.
  4. නීති සහායක ක්‍රියා රාමුවක් වැඩි දියුණු කිරීම
  5. අක්‍රීය සිමිත ඈවර කිරීම.

ඇමතුම් තොරතුරු

Phone: +94 812 201840
Fax: +94 812 201757
Email: यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.
Web: www.coopdept.cp.gov.lk

 


සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

දැක්ම

කලා සංස්කෘතික හා ඵෙතිහාසික උරුමයන් සුරකින මතු පරපුරක් මැදරටින්

මෙහෙවර

මධ්‍යම පළාතේ ස්පර්ශනීය හා අස්පර්ශනීය උරුමයන් සුරක්ෂිත කරමින් සකලවිධ කලාවන්ගේ නිරතවන්නන්ට සුභසාධනය සලසමින්, මානසික සංතෘප්තිය හා ආධ්‍යාත්මික යහගුණයෙන් සපිරි සමාජයක් බිහි කිරීමට දායක වීම.

සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කරමින් සංවර්ධනය කිරිමත් කලා හා සංස්කාතිකමය වටිනාකමකින් යුත් දැනුම් සම්භාරයක් පවත්වා ගනිමින් ව්‍යාප්ත කිරීමත් දක්වා වූ පුලුල් පරාසයක් ඔස්සේ ක්‍රියාත්මක වන සංස්කාතික කටුයතු දෙපාර්තමේන්තුව, තිරසාර ආර්ථික සංවර්ධනය සහ පෝෂණය විය හැකි සාරවත් සංස්කෘතික පසුබිමක් නිමැවීමේ සද්කාර්යයේ නියැලී සිටී.

කාර්යයන්

  1. ස්පර්ශනීය උරුමයන්  සුරක්ෂිත කිරීම.
  2. අස්පර්ශනීය උරුමයන් සුරක්ෂිත කිරිම.
  3. සකලවිධ කලාකරුවන්ගේ සුබ සාධනය.
  4. වින්දනාත්මක හැකියාවන් වැඩිදියුණු කිරිම.
  5. කලා හා සාහිත්‍ය නිර්මාණ හැකියාවන් වැඩිදියුණු කිරිම.
  6. සාරධර්ම ගරු කරන සමාජයක් බිහි කිරිමට කටයුතු කිරීම.

ඇමතුම් තොරතුරු

Phone: +94 813 843374
Fax: +94 812 238476
Email: यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

 


වෙළද, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව

දැක්ම

"තෘප්තිමත් සංචාරකයින් සහ වෙළද ප්‍රජාවකින් සපිරි මැදරටක්"

මෙහෙවර

වඩා අර්ථවත් හා වඩා වේගවත් ආර්ථික ප්‍රවර්ධන ක්ෂේතත්‍රයන්හි ආයෝජකයින්ට සාධාරණ, සමානුපාතික හා ඵලදායි ලෙස පහසුකම් සලසමින් ස්වාභාවික, සංස්කෘතික සහ ඵෙතිහාසික උරුමයන් සුරැකි දෙස් විදෙස් සංචාරක ආකර්ශනයෙන් විශිෂ්ඨ වූ මෙන්ම සවිබල ගන්වන ලද වෙළද ප්‍රජාවකින් තෘප්තිමත් වූ මැදරට ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නංවමින් ජාතික ආර්ථිකයට දායක වීම.

කාර්යයන්

  1. ව්‍යාපාර නාම ආඥාපනත ක්‍රියාත්මක කිරීම හා ඒ සදහා අවශ්‍ය සහාය දැනුම හා පහසුකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදීම.
  2. මධ්‍යම පළාත පුරා විසිරී  සිටින වෙළදුන් ඔවුන්ගේ ආර්ථීක අරමුණු අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඒකරාශී කිරීම හා බල ගැන්වීම.
  3. මානව සම්පත් සංවර්ධනය.
  4. සංචාරක ක්ෂේත්‍රෙයේ ප්‍රවර්ධනය උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
  5. වෙළද වාණිජ හා සංචාරක ක්ෂේත්‍රයන්හි  අදාළ නිර්මිත සංවර්ධනය.
  6. වෙළද වාණිජ හා සංචාරක ක්ෂේත්‍රයන්හි සේවයේ නියුතු ආයතන වලට මුල්‍යාධාර හා මෙහෙයවීම ලබාදීම.
  7. ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීම.
  8. තොරතුරු ලබාදීම වැඩිදියුණු කිරීම.

ඇමතුම් තොරතුරු

Phone: +94 812 3887118
Fax: +94 812 3887118
Email: यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

 


ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

දැක්ම

"මැදරට සංවර්ධනයට ඉංජිනේරුමය සවිය"

මෙහෙවර

මැදරට සෞන්දර්යය හා ප්‍රෞඩත්වය සුරැකෙන වාස්තු හා ඉංජිනේරුමය නිර්මාණ සහ සැලසුම්කරණය තුළින් අභිමානවත් සංවර්ධනයක් උදෙසා නවීන තාක්ෂණික උපදෙස් සහ සේවාවවක් ලබාදීම.

කාර්යයන්

  1. වාස්තු විද්‍යාත්මක සැලසුම්, ව්‍යුහ නිර්මිත සැලසුම් ලබාදීම, ඒවා අධීක්ෂණය කිරීම, මූල්‍ය කටයුතු කළමණාකරනය.
  2. මධ්‍යම පළාතේ සිටින ඉංජිනේරුවන්ට, ඉංජිනේරුමය ක්ෂේත‍්‍රයට අදාල පාඨමාලා හදාරන සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම.
  3. මධ්‍යම පළාතේ වන ඉදිකිරීම් සඳහා ද්‍රව්‍ය පරීක්ෂණ හා ප‍්‍රමිතීන් නඩත්තු කර ගැනීමට අවශ්‍ය රසායනාගාර පහසුකම් ලබාදීම.
  4. මධ්‍යම රජයේ ඉල්ලීම් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා උපදේශනය ලබාදීම.

ඇමතුම් තොරතුරු

Phone: +94 812 205581
Fax: +94 812 205581
Email: यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.

 


සමූපාකාර සේවක කොමිෂන් සභාව

දැක්ම

"විනය ගරුකවූත් , තෘප්තිමත්වූත්, විශිෂ්ඨතම සමූපකාර සමාජයක් මැදරටින්"

මෙහෙවර

මධ්‍යම පළාතේ සමුපකාර සේවකයින්ගේ සේවා සුරක්ෂිතභාවය තහවුරු කිරීම සදහා ඔවුන් සම්බන්ධයෙන් පනවා ඇති නෛතික විධිවිධානයන්හි නියමයන්ට අනුකූලව කටයුතු කිරීමට සහ සේවක සුභ සාධනය හා කළමණාකරණය තුළින් සේවකයින්ගේ ආකල්පවල වෙනසක් ඇති කරමින් ගුණාත්මක අගය හා කාර්යාභිවර්ධනය වැඩිදියුණු කිරීමට දායක වීම.

කාර්යයන්

  1. සමූපාකාර කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, උසස් කිරීම්, විනය කාර්ය පටිපාටි සකස් කිරීම සහ ඒවාට අදාල අභියාචනා විභාග කිරීම
  2. සමූපාකාර සේවක වැටුප් ක‍්‍රම හා දීමනා නියම කිරීම
  3. කොමිෂන් සභා තීරණ බල ගැන්වීම

ඇමතුම් තොරතුරු

Phone: +94 812 220102
Fax: +94 812 224247
Email: यह ईमेल पता spambots से संरक्षित किया जा रहा है. आप जावास्क्रिप्ट यह देखने के सक्षम होना चाहिए.
Web: www.coopemp.cp.gov.lk

 


පුස්තකාල සේවා මණ්ඩලය

දැක්ම

"මධ්‍යම පළාත තුළ ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය කිරිම"

මෙහෙවර

දැනුම සහ තොරතුරු නිදහසේ සහ අඛණ්ඩව පරිහරණය කිරීමට උපරිම අවස්ථාව ලබා දීම තුළින් කාර්යක්ෂම සහ ඵලදායී කාර්ය සාධනයට අත්‍යාවශ්‍ය මානව සම්පත් සංවර්ධනය.

කාර්යයන්

  1. පාඨකයන්ට පුස්තකාල වලින් උපරිම සේවාවක් ලබාගැනීමට  පුස්තකාල පරිපාලනය පිළිබද දැනුම ලබාදීම.
  2. දැනුම හුවමාරු කිරීමේ පුස්තකාල සහයෝගීතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  3. ප්‍රදේශයේ සංස්කෘතිය පිළිඹිබුවන පොත් අත් පිටපත් පුසතකාල පොත් ආදී සාහිත්‍යමය උරුමයන් පුස්තකාලවලට අයත්කර ගැනීම හා සංරක්ෂණය පිළිබද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, සාකච්ඡා කිරීම, සම්මන්ත්‍රණ, පැන විසදුම් තරග, කථික තරග, ආරාධිත උගතුන්ගේ දේශන ආදී සංවිධානාත්මක ක්‍රියා තුළින් පුස්තකාල සාමාජික අභිවෘද්ධිය සදහා ක්‍රියාකරන ක්‍රියාත්මක ආයතන බවට පත්කිරීම සහ ප්‍රජා සේවාවන් සදහා තොරතුරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීම

ඇමතුම් තොරතුරු

Phone: +94 812 384032
Fax: +94 812 386169

සමූපකාර සංවර්ධනය

cooperative Development and cooperative employee commission සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමූපකාර සේවක කොමිෂන් සභාව, ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Department of Education අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ

ඉඩම් දෙපාර්තමේන්තුව

housing_construction services මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

අප වෙත පැමිණෙන්න

Reach us පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ
කුණ්ඩසාලේ, 20168
ශ්‍රී ලංකාව

Go to top