Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்
සිංහල (Sinhala)தமிழ் (Tamil)English

Homeඅප ගැනප‍්‍රධාන අරමුණු සහ කාර්යයන්

ප‍්‍රධාන අරමුණු සහ කාර්යයන්

Our Objectivesප්‍රධාන අරමුණු

  1. ජාතික හා පළාත් ප්‍රතිපත්තිවලට අනුකූලව මධ්‍යම පළාත් බල ප්‍රදේශය තුළ සැමට සම අධ්‍යාපන අවස්ථා ලබාදීම හා අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම.
  2. යහපාලනයක් තුළින් ජනතාව තෘප්තිමත් වන්නාවූ පළාත් පාලන පද්ධතියක් ඇති කිරීම.
  3. මධ්‍යම පළාත තුළ ඇති ඉඩම් මැනවින් පරිහරණය කිරීම, සංවර්ධනය කිරීම රජයේ ඉඩම් කළමණාකරණය කිරීම.
  4. මධ්‍යම පළාත තුළ යහපාලිත සමූපකාර සමිති පද්ධතියක් ස්ථාපිත කිරීම හා සමූපකාර සේවකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම.
  5. මධ්‍යම පළාත තුළ වෙසෙන සියලු ජාතීන්ගේ අනන්‍යතාව සුරැකෙන ලෙස, මනා සංස්කෘතික පරිසරයක් ඇති කිරීම හා සාරධර්ම හා යහගුණය වර්ධනය කර සමාජයේ ගුණගරුකභාවය වැඩිදියුණු කිරීම.
  6. පළාත තුළ සංචාරක කටයුතු ඉහළ නැංවීම හා සංචාරක කර්මාන්තය ජනප්‍රිය කිරීම.
  7. මැදරට සෞන්දර්යය හා ප්‍රෞඩත්වය රැකෙනා පරිදි අභිමානවත් සංවර්ධනයක් උදෙසා නවීන තාක්ෂණික උපදෙස් ලබා දීම.
  8. පුරවැසියන්ට දැනුම හා තොරතුරු නිදහස්ව සහ අඛණ්ඩව පරිහරණය කිරීමට අවස්ථාව සලසා දෙමින් මධ්‍යම පළාත තුළ ඉගෙනුම් සංස්කෘතියක් බිහි කිරීම.
  9. මධ්‍යම පළාතේ මුල් ළමාවිය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම.
  10. මධ්‍යම පළාතේ ග්‍රාමීය හා වතු අංශයේ ප්‍රජාවට ආරක්ෂිත පානීය ජලය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම මගින් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම.මධ්‍යම පළාත තුළ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට දායක වීම.


ප්‍රධාන කාර්යයන්

  1. අදාළ විෂය ක්ෂේත්‍රයන්හි අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා නියමිත නීති රීති අනුනීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  2. අදාළ විෂය ක්ෂේත්‍රයෙහි මානව සම්පත් සංවර්ධනය හා කළමණාකරනය.
  3. අදාළ විෂය ක්ෂේත්‍රයන්හි භෞතික සම්පත් සංවර්ධනය හා කළමණාකරනය.
  4. සිසු පරපුර උදෙසා මැදරට පාසල් අධ්‍යාපන පද්ධතිය සවිබල ගැන්වීම.
  5. පළාත් පාලන ව්‍යුහය ශක්තිමත් කිරීම.
  6. ඵලදායී රජයේ ඉඩම් භාවිතය කෙරෙහි බලපෑමක් ඇති කරන ආර්ථික, සමාජීය හා පාරිසරික සාධකයන් කළමණාකරනය කිරීම.
  7. මධ්‍යම පළාතේ සමූපකාර ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම සදහා සම්පත්දායකයෙකු , උපදේශකයෙකු, සහායවන්නෙකු, සම්බන්ධීකාරකයෙකු සහ මගපෙන්නන්නෙකු ලෙස කටයුතු කිරීම.
  8. සමූපකාර සේවකයින්ගේ ගුණාත්මක අගය හා කාර්යාභිවර්ධනය වැඩි දියුණු කිරීම.
  9. දේශීය හා විදේශිය සංචාරකයන් සදහා පහසුකම් ප්‍රවර්ධනය කිරීම.
  10. මධ්‍යම පළාත තුළ පිහිටි පාසල්  පුස්තකාල, පිරිවෙන්  පුස්තකාල දෙපාර්තමේන්තු පුස්තකාල හා විශ්වවිද්‍යාලීය පුස්තකාල ආදී සියලු පුස්තකාල සංවර්ධනය කිරීම.
  11. මධ්‍යම පළාත තුළ රාජ්‍ය, පෞද්ගලික,හා රාජ්‍ය නොවන ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පෙර පාසල් යම් නිශ්චිත ක්‍රම වේදයකට, ප්‍රමිතියකට යටත්කොට පවත්වාගෙන යාම සදහා වන නියාමන ආයතනයක් ලෙස කටයුතු කිරීම.
  12. ජල සම්පාදන, සනීපාරක්ෂාව, ස්වස්ථතා අධ්‍යාපනය, ධාරිතා සංවර්ධනය සහ පාරාසරික සංරක්ෂණය සදහා වන ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ එවැනි ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම හා මග පෙන්වීමට කටයුතු කිරීම

අරමුණු

සමූපකාර සංවර්ධනය

cooperative Development and cooperative employee commission සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමූපකාර සේවක කොමිෂන් සභාව, ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Department of Education අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ

ඉඩම් දෙපාර්තමේන්තුව

housing_construction services මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

අප වෙත පැමිණෙන්න

Reach us පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ
කුණ්ඩසාලේ, 20168
ශ්‍රී ලංකාව

Go to top